චතුරංගි හර්ශිකා 5 years ago 258 4 5
_____________________________________⛈___
හිතම පාරන
අඳුරු සිතුවිලි
කවි කරන්නට
කුමට ඇවිටිලි...
මේ විඩාවත්
තනි කමත් නැති
එකදු තැනකට
යන්න ඇයි බැරි...
මටම වෙන් වූ
බිදුණු හදවත
සමඟ තව දුර
යා යුතුව ඇති...
තුමුල සුසුමන්
හදට පුරවන
ජීවිතේ ළඟ
අසරණව ඉමි...
නෙත් කෙවෙනි යට
අඳුරු සෙවනැලි
කඳුළු කවියක
පෙර නිමිත්තකි...
ප්‍රථම ප්‍රේමය
දෙවිඳු හැර ගිය
පාළු දෙවොලක
කන්නලව්වකි...
මම,
චතූ✍
2020 නොවැම්බර් මස 05 වැනි දා
ප.ව. 10.45
____________________________________⛈____
Deesha(දීෂා)❤️ 5 years ago ? හ්ම්ම් ලස්සනයි ✍️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤
ශශී❤️? 5 years ago ??❤️
Geethanjalee ? 5 years ago ?❤️
චතුරංගි හර්ශිකා 5 years ago ?❤