චතුරංගි හර්ශිකා 5 years ago 332 4 5
ගගන කුස හුන්
ළහිරු රැස් ඊ
තිමිර පට ඉරා
ළපළු සිප ගත් අරුමැසිය...
සරා සුළං රැල්
ළදරු ළපළු මත
හාදු තබා දුරක්
ඇදී ගිය අපූරුව...
මල් සුවඳ පුරවාපු
සුළං ඇතිරිල්ල මැද
ළපටි පොඩි පැළ පවා
නිවී සැනසුනු අයුර...
ඉර ගගන තියා ගිය
සුරගනා එළිය යට
තවත් දවසක් ඇවිත්
විදගනිමි ඒ සිසිල...
මම,
චතූ
2020 නොවැම්බර් මස 06 වැනි දා
පෙ.ව. 8.47
Deesha(දීෂා)❤️ 5 years ago කියන්න වචන නැහැ ගොඩාක් ලස්සනයි ❤️✍️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤
ශශී❤️? 5 years ago ගොඩාක් ලස්සනයි❤️
Geethanjalee ? 5 years ago ?❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤