චතුරංගි හර්ශිකා 5 years ago 265 4 7
මීන නෙතගට හීන කැන්දන
ගීත නොලියූ මගේ ප්‍රේමය...
සීත හිත් මල පාට තැවරූ
ගීතිකාවකි නුඹේ ආලය...
මී විතක් විය ගී ගගුල ළග
හීන ගෙන ආ සොඳුරු මදහස...
පීන වැහි දිය ඇද වැටෙන විට
සීත නොම දුනි නුඹේ උණුසුම...
ජීවයක් නැති හිතක් අද්දර
ප්‍රාණ වායුව පිරෙව්වේ නුඹ...
හීන මියැදෙන සීත රෑටත්
නීල නෙතු අග හීනයයි නුඹ...
මම,
චතූ
චතු ගුණසේකර ? 5 years ago හීන සිතුවිලි පාට කැන්දන කවි පත් රුවයි නුඹ අක්කියෝ ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ස්තූතියි නංගී❤
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks Dr?❤
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි ❤️
Geethanjalee ? 5 years ago ?❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ??