චතුරංගි හර්ශිකා 5 years ago 230 5 5
හිරිමල් වයසට
කවිකම් හිත මත
රටා මවන විට
සොඳුරුයි ගගනත
පිණි කැට සීතල
කැමීලියා මල්
සුවඳ හමනවලු
යෞවන ප්‍රේමය
ගීත ලියනකොට
හීන දකිනකොට
හිත මත පෙම් මල්
දේදුන්නක් විය
අහස් ගව්ව තෙක්
යොවුන් කතාවල
නෑඹුල් සෙනෙහස
ලෝබයි හිත් වල
හීනෙන් හීනෙට
රහසින් කොදුරන
මේග දූතයන්
යළි යළි ලියවෙන
රාධා ක්‍රිෂ්ණා
නෙතග තියා රස
පුරාවතක් වූ
සුන්දර ප්‍රේමය
කෝල සිතැඟි ළග
හාදු අතුරනා
පුරා නීල ඇස්
හිනා වගුරනා
කාලෙන් කාලෙට
යළිත් ලියවෙනා
ප්‍රේමය ලොව මත
මවයි නෙක කතා
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?
ශශී❤️? 5 years ago ලස්සනයි ගොඩක් ❤️
Geethanjalee ? 5 years ago ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤