චතු ගුණසේකර ? 5 years ago 295 4 5

Nisadas Image

කදු මුහුනතක හිද

ෆැන්ටසි කොලඹ අහස යට
කතා මවනවට වඩා
නිසොල්මන් කදුකරය
පාට සලු රහසින් එක් කරා මතකද?

මියැසී ගී නදට
ලොල් බදින වන ලැහැබ
ඒ මේ අත පැද්දෙන රූ දැක
බිගු මැස්සෙක් සිතුවමක් ඇන්දා මතකද?

බැස යන මල හිරුට හොරා
පෙම් කවි කියූ සදවතිය
රහසින් බලා හුන් අයුරු
දුටුව එ දවස මතකද?

වලාකුලු සේයාව
ඒ මෙ අත දිවෙන අපූරුව දැක
ඔච්චමට මෙන් ගැයූ කවි ගී
තවම සිත් යට දෝංකාරයක්ම නේද?

හෙමින් හෙමින් ගලා යන
සීත සුලං රැලි
සවස් යාමය මැකූ හෙවනැල්ල
තාම සවනට මිහිරියාවක්මද?

බැදුනු සිත ගත
රැදුනු සිතුවිලි රැගෙන
යලිදු පෙමිණෙනු බව දැන
සිතින් හැඩුවා තවත් මතකද?


-චතූ-
07/11/2020

Comments (5)

Deesha(දීෂා)❤️ 5 years ago හ්ම්ම් හරිම ලස්සනයි නිසදැස ❤️??

ශශී❤️? 5 years ago ගොඩාක්ම ලස්සනයි ??

Geethanjalee ? 5 years ago ❤️

චතුරංගි හර්ශිකා 5 years ago හරිම ලස්සනයි ?❤

චතු ගුණසේකර ? 5 years ago ❤️තැන්ක්‍යු





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps