චතුරංගි හර්ශිකා 5 years ago 246 5 5
පද නොගැළපුණු කවක
එක පේලියක් ඔබත්
හිත පුරාවට දුවන
සිතුවිලි රටා මවන්...
නිරන්තර හිත් මලට
පිණි වැස්ස වී ඇවිත්
මතක පාරා යළිත්
හද මලට ගතු කියත්...
වසත් ඉර මල යටින්
උදෑසන අරන් විත්
මද පවන සමග මුසු
නුඹෙ සුවඳ දවයි සිත්...
හදවත් ඉමේ නැවත
පූදින්න කැකුළු මල්
මම ආදරෙයි තවම
නුඹ සොඳුරු කතාවක්...
ඉල් මහට පිණි වැස්ස
ඇද වැටෙන සැදෑවක්
මතක මැව්වේ නුඹව
හිත පුරා යළි යළිත්...
කලු කෝපි සුවඳ හා
මුසුව යළි වතාවක්
අවන්හල පුරාවට
මතක සුව සිනාවක්...
මම,
චතූ
2020 නොවැම්බර් මස 10 වැනි දා
පෙ.ව. 8.21
Geethanjalee ? 5 years ago ❤️❤️
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤✍️
චතුරංගි හර්ශිකා 5 years ago Thnq❤
ශශී❤️? 5 years ago ❤️?❤️
චතුරංගි හර්ශිකා 5 years ago ❤?❤