චතුරංගි හර්ශිකා 5 years ago 256 5 6

Nisadas Image

-අතිර සසරේ හිතට කදුළු වැටුණා ඇතිය-

කිසිදා වෙන් නොවෙමියි
ගිවිසා ගත් බොහෝ බැදීම්
කාලයේ නිම්න අතරේ
මං මුලා වූ අරුමය නොදනිමි...

හදවතින් තදින් අල්වා
ගිලිහෙන්න නොදී මම
මගේ යැයි කියාගත්
බොහෝ දෑ අහිමි වුණි...

මම ප්‍රේම කළා වූ
මට ප්‍රේම කළා වූ
හැමදේම නෙත් ඉමෙන්
බොද වෙලා දුර ඇදුනි...

අතිර සසරේ හිතට
කදුළු වැටුණා ඇතිය
මට මිදෙන්නට දෙන්න
දුක පිරුණු ලෝකයෙන්...

සදහටම ඇස් පියන්
වසා ගන කළුවරක
පුළුන් රැල්ලක් වෙලා
පාවෙන්න අවැසි මට...

හිත පිරුණු බර සියළු
කොහෙන් හෝ තියා හැර
සාමදානෙන් දෙනෙත්
පියා ගන්නට හැකි ද...?

මම,
චතූ
2020 නොවැම්බර් මස 10 වැනි දා
ප.ව.3.42

Comments (6)

Geethanjalee ? 5 years ago ?❤️

චතු ගුණසේකර ? 5 years ago හැගීම ලස්සනයි

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤

චතුරංගි හර්ශිකා 5 years ago Thnq❤

ශශී❤️? 5 years ago ❤️?

චතුරංගි හර්ශිකා 5 years ago ❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps