චතුරංගි හර්ශිකා 5 years ago 356 5 6

Nisadas Image

සොඳුරු මතකය

මතක මන්දිර මවා නිල් ගැබ
පැතුම් අතරේ රැදී ඔය වත
අරුණ රැස් කිරණක් වගේ හිත
නිවා සනසන සොඳුරු මතකය...

හදට ළං කර තබා ගත්තෙමි
ප්‍රේමයේ සිහසුනයි නුඹ මට
නුවන් අග ලියැවුණු සිනාවට
හරි මනාපයි තාම මගෙ හිත...

වැස්ස අරගෙන වලාකුළු පොදි
ගුවන විසිරී හඩ නගන විට
අක්බාර් පාලම අසල මම
අකුණු කොටනා කලු අහස යට...

වීදියේ නෙක පහන් කණු වල
මලානික එළි දැල්වෙනා විට
හැන්දෑව අරගෙන නබෝ ගැබ
බැස ගියා හුරු පුරුදු ඉර මල...

මතක අහසේ ඈත දුරකට
රොබරෝසියා මල් සුවඳ මැද
වසර ගණනක් පුරාවට අප
ඇන්ද සිතුවම් මැවේ හිත මත...

දෑත් පටලා බැඳී එක මග
ඇවිද ගිය සරසවි බිමේ අද
පෙම්වතුන් යුවළක් ඈත ඉම
මැවී නෙතගට ගෙනෙයි පිණි කැට...

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනම ලස්සනයි ❤

Geethanjalee ? 5 years ago Godaaaaaaaaaaaakkk lssnai akki ?

චතු ගුණසේකර ? 5 years ago ලස්සනයි අක්කි

චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤

ශශී❤️? 5 years ago ලස්සනයි ගොඩක්ම ❤️

චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps