චතුරංගි හර්ශිකා 5 years ago 274 5 4
සරසවියෙ මල් පාර
බලා උන්නා තනිව
අපට එන්නැයි කියා
ලියා එව්වා නිතර...
නමුත් හදිසියෙන් ආ
වසංගතයට නතුව
පළමු වසරත් ගෙවුනෙ
ගෙදරමයි ඔය අතර...
ඔන්ලයින් පාඩමට
හිතක් නෑ මට නිතර
ප්‍රැක්ටිකල් චිත්‍ර හෙම
අදින්නට බෑ මෙහෙම...
පින්සලට පැන්සලට
දෑත් පටලන් නැතුව
පරිගණක තිරය මත
සිතුවම් කරනු කොහොම...
බොහෝ කල් වෙහෙස වී
සරසවිය සොයා ගිය
රොතු පිටින් අපි තනිව
ගෙවල් වල කොටු කෙරුව...
කොරෝනා නුඹ නිසා
සරසවිය විය නිසල
පළමු වසරත් ගෙදර
නිම කළා අපි එහෙම...
දන්නවද උපාධිය
ගන්න ආසයි අපිට
සරසවි බිමේ පොළොව
මත රැදී දෑතටම...
මෙහෙම ගියොතින් ඉතින්
සිව් වසර පිරෙනකොට
තැපෑලෙන් එයි ගෙදර
සිහින මැවූ ඩිග්‍රිය...
මම,
චතූ
2020 නොවැම්බර් මස 10 වැනි දා
ශශී❤️? 5 years ago ඒක නම් ඇත්ත ?
Geethanjalee ? 5 years ago ??
Deesha(දීෂා)❤️ 5 years ago ? ඒකත් ඇත්ත පද ගැළපීම ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤