චතුරංගි හර්ශිකා 5 years ago 307 5 5
කවිකාර ඇස් ගිහින් හිරු මතම
රැඳුනාට...
කහපාට ඇස් වලට පෙම් හිතම
බැඳුනාට...
කවිකාර මගේ හිත හිරුට පෙම්
කෙරුවාට...
පෙම් කරපු හිරු අයිති ගගනටයි
හැමදාම...
හිරු කිරණ නොදුටු සේ මම ඉවත
බැලුවාට...
රහසින් ම ආදරෙයි ඉර මලට මම
තාම...
පිං කරපු ඇස් වලට හිරුගෙ වත
පෙනුනාම...
නොකී ප්‍රේමය හිතේ කවි ලියයි
හැමදාම...
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Oh ලස්සනම ලස්සනයි ❤️❤️
ශශී❤️? 5 years ago ගොඩක් ලස්සනයි චතූ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤❤
Geethanjalee 5 years ago ?❤️
චතුරංගි හර්ශිකා 5 years ago ?❤