චතුරංගි හර්ශිකා 5 years ago 267 3 4
කියන්නට මට හිතේ ගින්දර
කවුරුවත් නෑ නංගියේ...
නුඹේ කුස ගිනි නිවන්නට මට
කාසි නෑ මගෙ පැංචියේ...
හිසට වහලක් තනන්නට මට
දහිරි නෑ මගෙ සොයුරියේ...
නුඹට අම්මෙක් හොයන්නට මට
තැනක් නෑ පොඩි බිළිඳියේ...
ප්‍රේමයට ලේ කිරි වෙතැයි මම
අහලා තිබුණා හිච්චියේ...
හිතේ උතුරන සෙනෙහෙ කන්දට
කිරි එරුණෙ නෑ නංගියේ...
පුංචි දෑසින් බලා මා දෙස
සිනා නොමසෙන් ළදැරියේ...
පපුව පිච්චෙයි අහිංසක ඇස්
දකිනකොට මගෙ පොඩ්ඩියේ...
හවස් යාමේ සෙයිලමට ගොස්
අත පෑවමුත් සිගමනේ...
ලැබුණු සොච්චම උඹේ කුසගිනි
නිවන්නට මදි වූ පැයේ...
හෙටට උපදින අලුත් දවසට
හීන ඇහිඳින නුඹෙ නෙතේ...
කදුළු බිදුවක් දකින්නට මට
හයිය නෑ මගෙ නංගියේ...
තුරුළු කරගෙන නුඹව පපුවට
හීන මියැදෙන ජීවිතේ...
බලා ඉන්නම් හෙටක් නැති මේ
පාළු මූසල වීදියේ...
මම,
චතූ
2020 නොවැම්බර් මස 17 වැනි දා
ප.ව. 8.41
Deesha(දීෂා)❤️ 5 years ago ? අහිංසක අසරණ ආදරණීය හදවත්.... ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Mm... thanqq Dr?❤
ශශී❤️? 5 years ago ලස්සනයි ??
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq ❤