චතුරංගි හර්ශිකා 5 years ago 257 3 4

Nisadas Image

නංගිගේ රචනාව

බමන මතින් ගොරසැඩි වදනින්
අමතා...
ඇදෙන විටදි හැන්දෑවට ගෙදර
පියා...
පුංචි නංගි දෙනෙතේ කදුලක්
පුරවා...
තුරුළු වුණේ මවගේ ළමැදට
දුවලා...

ගෙදර මුට්ටි හැලි වළනුත් පොලවෙ
ගසා...
මිහිපිට අපායක් මැව්වා ගෙදර
එයා...
කම්මුල් පුරාවට නිල් පැහැ ලකුණු
තියා...
ලෝකෙට හොර රහසේ හැඩුවා අපෙ
අම්මා...

ජීවිත බුදින මත් වෙන වතුරෙන්
යටවී...
පැල් කොටයට ගිනි ගත්තා හිත්
පොඩිවී...
උයාගත්ත බත් පත කන්නට බැරි
වී...
කුස ගින්නට කදුලැලි බිව්වා
ගුලිවී...

පහුගිය දිනෙක පොඩි නංගිගෙ
ඉස්කෝලේ...
ටීචර් අම්මාට එන්නට කිව්ව
වෙලේ...
අම්මට කොපි පොතක් ඈ දුන්නලු
රහසේ...
තාත්තෙක් නැතැයි රචනාවේ
තිබුණේ...

ඊටත් පහල පේලිය දෙක
පුරාවට...
සිතුවම් කර තිබුණා ඈ දිග
අතට...
රෝස පාට මල් ඉහිරුණු
මාවතක...
අම්මයි මමයි නංගියි හිටියා
යසට...

මම,
චතූ
2020 නොවැම්බර් මස 18 වැනි දා
පෙ.ව.1.14

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ? අනේ? ලස්සනයි නිසදැස ✍️

චතුරංගි හර්ශිකා 5 years ago Thanks ???

ශශී❤️? 5 years ago ?❤️?

චතුරංගි හර්ශිකා 5 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps