චතුරංගි හර්ශිකා 5 years ago 311 3 5

Nisadas Image

මතක

මතක කවුළු හැර දමා
ෆැන්ටසි හීන පවුරු යට
අපි අපිම ගෙතූ කතාවට
අවසානයක් නොතිබුණි අද වුවද...

ප්‍රේමය යැයි කී ඉනාවට
හිත් දෑල තදින් බැඳෙනකොට
හෙටක් ගැන දකින හීනයට
අපැහැදිලි මීදුමක් තිබුණා මතකද...

කාලයෙන් කාලෙට ඇවිත්
හිතේ සුසුමන් තබා යන
අප්‍රකාශිත වෙන්වීමට
ප්‍රකාශිත හමුවීමක් තිබුණේ ද නැත...

ගිවිසා නොගත් බැදීමක
අන්තිම සුසුම වැටෙනකොට
දරාගන්නට බැරිව හද
කැබලි වී පොළව සිප ගත්තා අමතකද...

කටුක රළු සුසුම් ළග
ඉකි නොගහ සිනාවක් නැගුවාට
මග හැරුණු ජීවිතේ වසන්තය
මවයි නිතැතින්ම පරාජිත සුපෙම් විජිතය...

මම,
චතූ
2020 නොවැම්බර් මස 19 වැනි දා
ප.ව.12.50

Comments (5)

Deesha(දීෂා)❤️ 5 years ago අනිවාර්යයෙන්ම ❤ ගොඩක් ලස්සනයි

Deesha(දීෂා)❤️ 5 years ago පරාජිත සුපෙම් විජිතය ✍️?

චතුරංගි හර්ශිකා 5 years ago Thnqq ??

ශශී❤️? 5 years ago ලස්සනයි ?❤️

චතුරංගි හර්ශිකා 5 years ago Thnqq ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps