චතුරංගි හර්ශිකා 5 years ago 305 4 5

Nisadas Image

කවිකාර සිත්තරුන් නැතිවද?

නෙතින් සිපගෙන
ලොවේ නෙක හැඩ
තෙලි තුඩින් ගෙන
ප්‍රාණ සායම...

හදවතේ එක
අදුරු මුල්ලක්
එළි පෙහෙළි කොට
අඳියි හෙමිහිට...

කැන්වසය වූ
හද ගගන මත
උපන් නූපන්
ප්‍රේමයක් ඇත...

හුදෙකලා ලොව
පත් ඉරුවකට
හෙතෙම මුමුණයි
හැමදාම හිත...

ලොවට නොකියූ
ඒ පුරාවත
හිත් යාය මත
මවයි පිණි පොද...

පින්සලයි පැන්සලයි
විතරක්
අඩු නැතිව
දන්නවලු ඒ කව...

හිතේ සුසුමන්
දැවෙන ගින්දර
නෙතේ කදුලැලි
රිදෙන ඇසි පිය...

ලොවට රහසින්
කදුළු සගවන
කවිකාර සිත්තරුන්
නැතිව ද?

මම,
චතූ
2020 නොවැම්බර් මස 18 වැනි දා
ප.ව.8.35

Comments (5)

Deesha(දීෂා)❤️ 5 years ago ඔය ඉන්නෙ ❤ ලස්සනයි ?❤

චතු ගුණසේකර ? 5 years ago ❤️

චතුරංගි හර්ශිකා 5 years ago ?thnqq❤

ශශී❤️? 5 years ago ඉන්නවා ඔයා ❤️?

චතුරංගි හර්ශිකා 5 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps