චතුරංගි හර්ශිකා 5 years ago 291 4 6

Nisadas Image

?හ්ම්...

ගිනි තැබූ දහවලට
දූවිලි හුළං අලගු තියනවා...
මැලවුණු තණ කොළත්
හුදෙකලාවක බලා ඉන්නවා...

වේලිච්ච මල් කිනිති
ගිනි හුළගට තව තවත් ළං වෙනවා...
ඇස් යොමාගෙනම
මොනවදෝ දෙයක් කල්පනා කරනවා...

රතු පාට ඉර අවුව
කුමක් හෝ කියන්න අර අදිනවා...
මලානික තුරු වදුලු
නොදැක්කා වගේ අහක බලනවා...

සිරගත හීන තුළ
හිතවත් කවිකම පලා යනවා...
ලියන්න දෙයක් නැති තරම්
හිස් බවක් දැන් දැන් හිතට දැනෙනවා...

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 5 years ago ? Me too Nice ❤️

චතු ගුණසේකර ? 5 years ago ම්ම්ම්..මට වගෙ ලස්සනයි අක්කි

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 5 years ago ❤?thnx

Pramudi Maleesha 5 years ago Harim lssani

චතුරංගි හර්ශිකා 5 years ago Thnqq pramudi ❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps