චතුරංගි හර්ශිකා 5 years ago 236 4 4

Nisadas Image

නොකියා ආවෙමි

දනින් වැටී ගණ දෙවියන්
අභියස...
මම කියන්නට ගියා ඔබ යළිත්
නේන බව...
පැතුම් ගොන්නක් පතාගෙන වැසූ
දෙනයන...
අගින් වැටුණා කදුලක් මටත්
නොදැනිම...

පතිනි දෙවොලක හඩා වැලපී
කුමට...
කෝවලන් කන්නගිය හැර දමා ගියා
නොවෙද...
දේව පුරාණයක් නොවෙයි අපි ලියූ
කතාව...
නේන නුඹ ගැන දෙවි දේවතාවුන්
කුමක් කරන්නද...

කෝවිලේ නිරන්තර නෙත ගැටී
හමුවුණ...
ගණ දෙවියන් මිතුරු සිනහවකින්
හිදී තව...
කියන්නට හිතයි නුඹ ගැන මුළු
කතාවම...
අයිතියක් නෑ නුඹට මෙහෙම
ඈතකට යන්න...

මෙලෙස හඩා වැලපී දෙවියන්
අභියස...
නුඹ ම ඉල්ලා කුමකටදැයි හිතෙයි
මට...
පෙම් කළ කාලි අම්මාත්
අතහැර...
ස්කන්ධ දෙවියෝත් වෙනතක
බැඳුනා නොවෙද...

කෝවිලේ මිහිරි සීනු නද මැදින්
එන...
නේක සුවදින් හිත ඇදෙයි මතක
විනිවිද...
දෙවියන්ට නුඹ ගැන කියන්නට සිතා ආවමුත් මෙහෙට...
කිසිවක් ම නොකියා නැවත ආපසු හැරුණෙමි මම...

මම,
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ?? ලස්සනයි ගොඩක් ?

චතු ගුණසේකර ? 5 years ago ලස්සනයි නිසදැස ?අක්කි

ශශී❤️? 5 years ago ගොඩක් ලස්සනයි ❤️?

චතුරංගි හර්ශිකා 5 years ago Thnqq❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps