චතුරංගි හර්ශිකා 5 years ago 257 5 6
°°° කවියක් °°°
__________________________________________
නාවත් නිතර කවි පබදින්න
ඉස්සර වගේ හැමදාමත්
නෑවිත් බෑ කියවලා යන්න
ලස්සන පබැඳුම් හිත සතුටින්...
ආයෙත් නේන කවිවල ලිව්ව
මතකය තාම නිදි වැරුවත්
විරහව නිතර කවි කර ලියනු
කුමටද තවත් මේ අයුරින්...
කාලෙන් කාලෙ කදුලයි සුසුම
හිත් මල තලා පොඩි කෙරුවත්
මල් පදුරකට එක මල නෙවෙයි
පිපුණේ ඉතිං හැමදාමත්...
අද දුක මැදින් සුසුමන් හෙලන
නෙතු පිය බොඳව හිත රිදුනත්
හෙට එළිවේවි හීනත් එක්ක
ජීවිතයේ තව දවසක්...
මම,
චතූ✍️ :-)
Deesha(දීෂා)❤️ 5 years ago ? ම්ම්ම් ❤️❤️❤️
චතු ගුණසේකර ? 5 years ago ☹️♥️ලස්සනයි
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thnq❤❤
Geethanjalee 5 years ago Akki?
චතුරංගි හර්ශිකා 5 years ago ?❤