චතුරංගි හර්ශිකා 5 years ago 282 2 0
හදවත රිදෙන මුත් නවතිමු මෙතැන් පසූ
සිතුවිලි සිර කරන් දෙඅතක යන්න යමූ
මහමෙර තරම් ගින්නක් ඉහිලුවට පසූ
කණාමැදිරි එළියට හිත බය නැතිලූ
මෙතෙක් දුරක් ආ මග නොබලාම ඉමූ
හිතෙන් පවා අපි ගැන අපි නොහිතා ඉමූ
හමුවුණු හැම විටම අපි මුණිවත රකිමූ
රහසින්වත් යළි නෙතගින් නොම බලමූ
දවසක හමුවුණත් නොදන්න ලෙසින් ඉමූ
අහසක් පුරාවට අපි ලියු ගී මකමූ
යටගිය මතක ඔක්කොම දොරගුළු දමමූ
අහිමි බැඳීමට නැවතුම් තිත තබමූ
හදවත් යළිත් කියනා කවි නොම අසමූ
වදනක් පවා අපි අපි ගැන නොලියා ඉමූ
අපිටත් උරුම නැති හීනෙන් අවදි වෙමූ
අදින් පසුව අපි ආයෙත් හමු නොවෙමූ
මම,
චතූ