sad danu 7 years ago 350 3 0
නමක් නැති ඇසුරක්
ආදරයක්ද,
ප්‍රේමයක්ද,
මිතුදමක්ද...
නොතේරෙන හැඟිමක පැටලුන
හිත් දෙකක්
අහිමි වන බව දැන
හිමිවන තරමටම
ලංව වුන් කාලයක්
ලෝකයට සැඟව කෙරු
අපේ කියා ඇසුරක්
කඳුළු පිරුනු නෙත් දෙකක්
හීන පිරුනු හිත් දෙකක්
අතර ලතැවෙන
අසම්මතයක්...
නෑ නමක්
නෑ අරුතක්
නමුදු විඳියි
මිහිරි සතුටක්
හදවත පතුලේ කිඳා වැලපෙන
ලෙන්ගතුකමක්
ළඟ නොමැති බව දැන දැනත්
සොයා වැලපෙමි තව තවත්
නෑ ලොවෙන් ඉඩක්
අසමාන ඇසුරක කිසිවිටකත්
සඟවා සිටිමි
ලෙසට රහසක්
සොයනා තුරු අරුතක්
(අ)සම්මත යන පදයටත්...
චතු වීරසේකර