චතුරංගි හර්ශිකා 5 years ago 417 2 0

Nisadas Image

දුප්පත්කම සහ ධනවත්කම

නෝට්ටු කොල අතර
සිනාසෙන හෝරාවක...

හිතට අවසග නැති
නූපන් හීන කුමටද...

ජීවිතේ හඹා ගොස්
අපි හොයන අපි පතන..

සතුට සැනසීම
ඇත්තටම සල්ලිද...

උඹ ළගදි මට දැනුන
මගෙම කියන ලස්සන හැගීම...

නුඹ ළග තිබුණු සල්ලිවල
තිබුණා කියා උඹ හිතනවද...

උඹ හරි මිල අධික
හීන මැද ජීවතේ මැව්වට...

උඹ නොදත් එකම දේ
ආදරේ විතරමද...

දුප්පත් හීන පාට පාට නොවුණට...

නුඹ නොදත් එක දෙයක් තියෙනවා දන්නවද...

ධනවත් හීනවල පාට දවසක හේදුනත්...

දුප්පත් හීන ජීවත් වේවි හැමදාම...

හේදෙන්න පවා පාටක් නොතිබූ නිසා ම...

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps