ශශී❤️? 5 years ago 360 4 6
සද වන් පිරුනු නුබෙ සුන්දර සුදු මුහුන
හැබැහින් දකිනු රිසි මම තැවුනෙමි බෝම
නා දලු වගේ දිලිසෙන ඔය දෙතොලතර
දග කරලන්නේ කොහොමද මම මගෙ මැනික
අවසග නොවන සිතිවිලි මම හදින් බදා
ප්‍රේමය පතා ආවෙමි මම පෙමින් හඩා
අන්සතු නුබව හැර යන්නේ කෙලෙස මෙමා
පෙම් කල පවට මගෙ මැනිකේ දෙන්න සමා
ඔහු ලග නතර උනු ඔය හිත මා දුටු දා
සසැලුනු බව දනිමි වැඩියෙන් පෙමත් තියා
ඉකිලන හැගුම් සන්සුන් කර තැවෙමි මෙමා
එක බවයක් දෙනවද මට නුබව ලියා
ඔහු තුරුලේම නුබ සැනසෙන හැමදාම
ගිනි ගෙන දැවෙයි මගෙ හදවත හොදටෝම
ඇත්තද මැනික නුබ කිව්වේ රහසේම
වලලපු බවක් නුබෙ සෙනෙහස මා ගාව
සුසුමක සුවද කිසි දිනයක විද නැත්තේ
අවිහින්සකම රුව හැබැහින් දැක නැත්තේ
පෙම් කලේ නුබත් නොඅඩුව මට හැමතිස්සේ
මිහිදන් කරමු පිවිතුරු පෙම හිත අස්සේ
මෙතුවක් ආ දුරත් අප හට බර හින්දා
අන්සතු පෙමක් මා හට හිමි නැති හින්දා
මතු බවයේ දවසක මුන ගැසෙමු සිතා
නවතිමු මැනික අද මෙතනින් පෙම හන්ගා
ශශී
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤✍
ශශී❤️? 5 years ago Thnk u chathu.❤️
Nethu 5 years ago ලස්සනයි අනේ ?♥️
ශශී❤️? 5 years ago Thank u nethu❤️
❤️mila❤️ 5 years ago ලස්සනයි ?❤️
ශශී❤️? 5 years ago Thank u mila.❤️