චාමි... 5 years ago 283 3 3
සැදෑ යම
ගෙවීමට නම් නිදැල්ලේ
සොයා යා යුතු තැනක් ඇත
පහස විදිනා විට
ගුලිවී ඔය තුරුල්ලේ
දැනෙයි සහනය
මා ජීවිතේටම
නමුත් රැය
වී සැනින් අලුයම
හැරදා යාමට
සැරසුනත් මා
ඔබට කම් නැත
නොසෙල්වී ඔබ
බලා සිටී මා දෙස
අතවනා පිටව යයි මා
නමුත්
තවත් රැයකදී
ඔබේ පහසෙම රැදී ඉන්නට
පියමනිමි සැදෑ කලුවරද රැගෙන
දෙව්ලියකි මා තනිය මකනා
සොදුරු තිත්පල තනිකඩය
ඒ මගේ කැදැල්ලයි
චාමි...
ශශී❤️? 5 years ago ලස්සනයි චාමි..❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤✍
නදී ..✍???? 5 years ago Lassanayy චාමි,?♥️