නදී ..✍???? 5 years ago 307 5 7
අධික රශ්මියෙන් ගත සිත
වෙලාගෙන..
මද නල පහසක් විදුමට
හසරක් නැතිය..
දහඩියෙන් මුලු ගත්හ
නැහැවුනු ලෙසය..
බිමට නෑමට ජලයත්
අඩු ලෙසය..
මම හෙට ෆෑන් ගෙන එන්නෙමි
රස්නයට..
මම හෙට වතුර ටැංකියකුත් සාදන්නෙමි ජල හිගයට..
යනුවෙන් නැගෙයි හැම දිනයකමත්
හරි හරියට..
බෝඩිමේ බිසෝ ඇන්ටිගෙ
බොරු කියවිල්ල..
හැමදාමත් පිසෙයි බතකුයි
දිය පරිප්පුව යි..
තෙල් බේරෙන ලුණු වැඩි
කරවල බැදුම යි..
පාඩම් කරන මේසය
චිරි බිරි ගාතී..
කාමරයේ ජනෙල් එල්ලි
පැද්දෙනවා..
විදුලි සුවිචයද ඇත්තේ
එල්ලෙමිනී..
යන්නට දැන් තැනක් නැත
දැන් කල් ගත වීලා..
විභාගය පෙනෙයි ලග ලග
ඉගි පාලා..
මෙහෙමත් බෝඩිමක් ලැබුවේ
පෙර මොන කරුමෙටද?
නදී..✍️
Deesha(දීෂා)❤️ 5 years ago ? Ah boarding life ?
ශශී❤️? 5 years ago අයියෝ.?
❤️mila❤️ 5 years ago Hmm ?. Lssni ❤️
චතුරංගි හර්ශිකා 5 years ago වැටෙන හැම මොහොතකම යළි යළිත් නැගිටින්න... සොඳුරු හෙට දවසකට සිහින බිඳ නොම ගන්න...
චතුරංගි හර්ශිකා 5 years ago කටුක දුක් මැදින් දුර ජීවිතේ වෙත යන්න... මලක් සේ කටු මතින් පිපී නුඹ හිනැහෙන්න...
Naween Perera 5 years ago කට්ට කාල හැදෙන ජීවිත පට්ට ලස්සනයි නංගි... ☺️
නදී ..✍???? 5 years ago Hmm?