sad danu 7 years ago 301 1 0
අකුරු දී හිස් මනස පුරවා නැණ ළමුන් බිහි කර දිනේ
දයා දී යහමගට ගන්නට රන්ටැඹක් සේ නැගි සිටියේ
ඔවාදන් සිප් සතර පහදා රජුන් තනනට වෙහෙසුනේ
සදා වඳිනෙමි දෙපා පිහිටා වැදු මව් වැනි අපේ ඉස්කොලේ
අයනු ආයනු කියාදි අකුරින් සදා ජය පෙන්නුවේ
ගරු සිතැති ගුරු මව් පියාණෙනි නුඹයි නෙක වෙර දැරුයේ
ආදරය සෙනෙහස දයා ගුණ එක ලෙසින් හැම පැතිරුනේ
ඉදිරියට පා තබා යන්නට ජීවයක් විය අපේ ඉස්කොලේ
සතුරුකම් නැති මිතුරුකම් වැපිරු බිමකි මේ මිහිතලේ
මිතුරුකැල හැම සවිය වි හිඳ සමගියයි දස පැතිරුවේ
ආගමක් නෑ බේදයක් නෑ කුලයක් සෙව්වා නොවේ
සදා සිහිකර වඳිම් සැමදා අකුරු දන්දුන් අපේ ඉස්කෝලේ
ඉඳහිටත් ඳඟ වැඩක් කරමින් ඇති තරම් දඟලා ඇති
වේවැලෙන් ගුටියක් වැදිලා දනගසා ඉන්නට ඇති
නෑ සිතක් ගුරු සිත පෙලන්නට ඒ අපේ හුරතල් ගති
සදා නොමැකෙන මතක අභියස සිහිකරයි අපි අපේ ඉස්කෝලේ
අත් බැඳන් පානගා ආගිය කාලේ නෑ අමතක වුනේ
අකුරු ඇහිදන් පෑව දස්කම් අදත් අත ඉතිරිව ඇතේ
සමනලුන් මෙන් ඉගිලිලා ගිය කාලේ නෑ දැන් පැමිණුනේ
පා නමා වැඳ තුති පුදන්නම් සිප් සතර දුන් අපේ ඉස්කෝලේ
චතූ වීරසේකර