Naween Perera 5 years ago 294 6 9

Nisadas Image

මෝඩ බෞද්ධයෝ

මහ උපාධි බම්බු අත දැරුවාට
නම යටින් පට්ටම් එල්ලන් හිටියාට
උප්පැන්නෙට බොදු උන් කීවාට
දන්නවද උබත් හය හතර...
අපේ බොදු මුතුන් මිත්තන්
මේ හය හතර නොදත් උන්
හැදිනුවේ මෝඩයන් මෙන්...
හය හතර ලෙස නම් කලොත්
චතුම්මහාරාජිකය,තාවතිංස ,යාමයත්
තුසිත,නිම්මාණරතිය,
පරණිම්මිත වසවර්ථියත්
යන දිව ලෝක හය මෙන්ම
තිරිසන්,ප්‍රේත,නිර,අසුර
අපාය සතරද වෙත්...
නමට බොදුනුවන් උන උන්
අඩක්වත් ඇත මෙය නොදත්
දිවා රෑ දහම් ඇසුනාට
මූලිකම දේ නොදත් උන්
පරයන්ට කත් අදින පරයන් මිසක
නමට පමණක් බොදු කොටස
තියාගෙන තොපි හට ඇතිද?

~නවියා~

Comments (9)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?

නදී ..✍???? 5 years ago ලස්සනයි අයියේ?

Deesha(දීෂා)❤️ 5 years ago අර්ථවත් නිසදැසක් ??

Naween Perera 5 years ago ස්තුතියි චතූ, නදී, දීශා ❤️

ශශී❤️? 5 years ago ඒක ඇත්ත අයියා.ලස්සනයි ❤️

Naween Perera 5 years ago ස්තුතියි ශශී ?

...චූටි... 5 years ago ලස්සනයි අයියෙ ?

Naween Perera 5 years ago ස්තුතියි චූටි ❤️

Ranatunge Jayawardene 2 years ago ඇත්ත (ඒත් සැර වැඩිද මංදා? ) - ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps