ArtCafee TM 5 years ago 236 4 5

Nisadas Image

~නදියක උපත වූ උල්පත~

නදිය ජීවිතය නම්
නදියට උපත දුන්නේ නුඹයි.....
නදියට කරදර භාදක මැඩගෙන යාමට පෙරමුණ ගත්තේ නුඹයි...
නදිය අවහිර කරන ගල්පර භාදක හමුවේ නොනැවතී යාමට සංකල්පය දුන්නේ නුඹයි....
නදියට අවැසි‍යන් ජීවිත් කරවීමට මට දුන් ජල ලේ බිඳුව නුඹයි...
නදියෙක පිරිසිදු බවට මුල් තැන වූ සුපිරිසිදු දිය බිඳුව නුඹයි.......
නදියට සැමහට පිහිටක් වීමට මුල්තැන වූ ගුරුතුමන් නුඹයි....
නදියක නොමිනිස් කම් දුරු කර වූ ආදරයේ උල්පතද නුඹයි...
නදියට, සමාජය නම් වූ මහ මුහුදට එක්වන තෙක් පසුපසින් රැඳී නදිය ශක්තිමත් කරේ නුඹයි....
නදියක ජීවිත ගමනේ අවසානය තෙක් පසු පස රැඳි සෙවනැල්ල නුඹයි...
නදියට පාර කැපුවෙ අම්මානම් මග පෙන්වූ පිය තුමන් නුඹයි....
සැඩ වන්නට හා ඉවසන්නට මට පුරුදු කෙරූ පිය තුමන් නුඹයි.......
මගෙ ජීවන නදියේ හැමදේටම..
මහ බලය වුණේ පිය තුමනි නුඹයි.........!
~තරිඳු මදුශංක~

Comments (5)

ශශී❤️? 5 years ago ගොඩක්ම ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?

නදී ..✍???? 5 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි මධුශංක ❤

Nethu 5 years ago Hmm .lassani





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps