Vosandi Dissanayake 5 years ago 268 2 3
හිමිදිරිය සීතලයි
මගේ සිත කිලිපොලයි
නවමු රැස් දහරකින්
දිනකරද අවදිවෙයි
සොදුරු උවනෙත ඔබගෙ
සගවමින් අප සැමට
ගිනිගහන රැස් දහර
රජ කරයි ඔය හිතග
කවුරු දුන්නෙද ඔබට
ගිනිගහන ඔය තරහ
නැද්ද පොඩි අදහසක්
නිවා ගන්නට ඔන්න
ඔබ නිසා අප සැවොම
අවදිවෙයි කඩිසරව
නමුත් ඇතැමෙක් ඔන්න
බණියි සැමවිට ඔබට
ඔබට හැකිනම් සකිය
අදට පමණක් ඔන්න
ඉඩ දෙන්න තනි මෙමට
සද එළියෙ ගුලි වෙන්න
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?❤️
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
Vosandi Dissanayake 5 years ago Thanks