Vosandi Dissanayake 5 years ago 261 4 4
සති අන්තයේ ඉරිදා දිනය
වීය මට මහ වැඩ ගොඩක්
විටෙක තිත්තයි සිතුන
ලෝකෙ තරමට වැඩම කරන
අපේ සුන්දර ගණන් පන්තිය
සයුර රළ රළ නගන තරමට
කෑව ගුටි බැට තවම මතකයි
දෑතේ දෑගිලි වලට වැඩියෙන්
වින්ද ටොකුරස තවම වෑහෙයි
පංතියේ යහළුවන් සමගින්
විටෙක දෙඩවූ මුදු කතා බස්
කොහේදෝ සිට ඇවිත් මුව මත
හසරැලිත් සිත්තම් කළා
බිත්තියේ සුදු ලෑල්ලත් ඇත
බිත්තියටම බර දීලා තවමත්
එහිම තිබෙනා මේසේ පුටුවත්
තවම පවතියි එදා විලසින්
නේක හැඩ වැඩ දමා නිම කළ
මගේ ලස්සන ගණන් පොත් ටික
බලා ඉන්නවා හිනැහි හිනැහී
දෑතේ උණුසුම ලබන්නට මෙන්
Deesha(දීෂා)❤️ 5 years ago ? Woow nice ❤️
නදී ..✍???? 5 years ago ගොඩක් ලස්සනයි ❤️
❤sami❤ 5 years ago ගොඩක් ලස්සනයි
Vosandi Dissanayake 5 years ago Thanks hamotama ?