Vosandi Dissanayake 5 years ago 254 2 2
මගෙ සීයා හිදගත් වෙල ළග කොටේ උඩ
ඉදගෙන ගොතමි කවියක් මම රටාවට
සීතල දැනෙන විට මද සුළගේ මෙමට
හැකිදෝ එසද පදවැල් එක්කරන්නට
සීයා මගේ නිදියපු පොඩි යුගල් ඇද
දිරලා යනව ඒ සමගම පඩික්කම
කවදත් රතුපාට ඔබෙ ඔය බුලත් කට
තවමත් මතකයට එයි දුටු විට පඩික්කම
වෙනදට ගරාජයෙ ඇසෙනා මහ සද්දේ
අනේ ඉතිං දැන් කොහි සැගවී ගොස්දෝ
මගෙ සීයා නැතිව ගෙවෙනා අවුරුදු හතර
වෙනස් වෙලා සීයගෙ ගෙදරත් අවට
ගෙදර ඉදිරියේ තිබෙනා ලොකු බෙලි ගස
දකින විටම සිහිවේ ඔබෙ රුව මෙමට
එහිම තිබෙන මනරම් කඩුපුල් පොකුර
සැමදා සොයයි ඔබ නැති මේ කළුවරේ සිට
නිවස පහළ තිබෙනා නිල් දිය අගල
ඊට පහළ තිබෙනා රන් ගොයම් කෙත
සිසිලස වැඩි කරයි සීයගෙ ගේ ඇතුළ
සීයේ ඔබ කොහිද කියලා කියනු මට
Deesha(දීෂා)❤️ 5 years ago ❤️❤️❤️
Vosandi Dissanayake 5 years ago ?