Vosandi Dissanayake 5 years ago 298 3 2
ඇහැල මල් විසිරුනු පොළොව මත
තිබෙන බංකුවෙ ඉදන් හෙමිහිට
තැනුව මතකද අපේ කූඩුව
ලොවේ කොහෙවත් නොමැති විලසට
බංකුවේ අප ඉදන් සවසට
බැලුව මතකද හන්තානයේ සද
ගිගිරි යුවලක් පය නොලාගෙන
නැටුව මතකද සද කිරණ යට
බංකුවේ අප ඉදන් හැමවිට
පාට තේරුව අපේ නිවසට
නමුත් තේරුව පාට නෑ අද
අනේ ඇයි දැයි කියාපන් මට
Deesha(දීෂා)❤️ 5 years ago ❤️
Vosandi Dissanayake 5 years ago ?