Vosandi Dissanayake 5 years ago 281 3 4
හිමිදිරි අරුණැල්ලෙන්
විකසිත කුසුමක් සේ
හීන විමානෙන් බැස පලයන්
නැගණියේ......
අමාවකදාට අහස් ගැබේ
ආලෝකෙන් මනමත් කරනා
පුන් සදක් වෙයන් ලස්සන
නැගණියේ......
පාට සරුංගල් අහස පුරා
පාවෙයි නෙක නෙක රැගුම් පපා
නොබලන් ඒ දෙස හැරී ඉතිං
නැගණියේ......
මිනිසුන් ඇත මේ ලෝකෙ පුරා
නෙක නෙක මායම් පෙන්නමිනා
නොරැවටී ජීවිතය දිනන්
නැගණියේ......
මා පියන්ට කීකරු වීලා
ගුණ දහමින් පිරිපුන් වීලා
සත්‍යට හිස නමන්
නැගණියේ......
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
Vosandi Dissanayake 5 years ago Thanks akki
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
Vosandi Dissanayake 5 years ago Thanks