sad danu 7 years ago 272 3 3

Nisadas Image

නුඹ දුරක ගිහින් ...

වසන්තයේ දවසක ලඟින්
සිටි හැටි මතකෙට නැගෙයි
පාවයයි හිත අඳුරේ
සුවඳ සොයා පාසල් බිමේ
දෙනොදහක් අතරින්
සොයායයි නුඹ නෙතු දැහැන්
මැවෙනවා රහසේ
නුඹෙ ඔය නෙතු දැහැන්
කියා නොකියා ගනු බැරි
සෙනෙහෙ මැද ලංවෙලා
බලා සිටියා අප එදා
කිසිත් නොකියා ගොළුවෙලා
මට මාද අහිමි වී
ඒ නුඹ නිසා
දැනෙනවා සෙනෙහෙ
ඒ නුඹ නිසා
නැඟූ පිය සටහන්
බොඳ වී ගිහින්
මතක පිටු අතරේ
සිත ලතවෙමින්
සුළඟ සේ ඇවිදින්
නුඹ දුරක ගිහින්
ලන්වෙලා වෙන්වී
නුඹ දුරක ගිහින් ...

චතූ වීරසේකර

Comments (3)

Sandu U Nanayakkara 7 years ago Nice

sad danu 7 years ago Thanks

චතුරංගි හර්ශිකා 5 years ago ම්... ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps