Vosandi Dissanayake 5 years ago 353 1 0

Nisadas Image

පාසල් විය

මාදං හිඹුටු බෝවිටියා දෙවැට දිගේ
ඉගිල ඉගිල යන බටු වී පැටව් වගේ
එහෙට මෙහෙට දුව පනිමින් හරිම අගේ
සිහිවේ මෙමට පාසල් ජීවිතය මගේ

පොත් ටික තුරුළු කරගෙන දුවමින් හනික
ඇල්ලුවෙ නොවෙද පංතියෙ පළවෙනි අසුන
ආසාවෙන් අකුරු කෙරුවා නොවැ හැම විටෙක
සැමදා සුන්දරයි මගෙ පාසල ඔන්න

කවි ගී සින්දු කියමින් අඹ ගස් සෙවණේ
නටමින් නැටුම් නැලවුනු හැටි සිහිවන්නේ
ඒවගෙ දිනක් නැවතත් නැහැ නොවැ එන්නේ
මතකය සුන්දරයි මගෙ පාසල් සෙවණේ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps