Sandu U Nanayakkara 7 years ago 356 5 1
දරාගෙන දුක් ගැහැට..
නොනිදා ම තුන් රැය ම..
විඳි වේදනා අපමණ යි..
ගතට නැත නිවනක්..
සිතට නැත සෙවණක්..
හෙළූ දහදිය අපමණ යි..
නොවුන්නත් දසමසක් කුස දරා..
සමසිත් හි සිත දරා..
දුන් වෙර විරිය අපමණ යි..
කිරි වුණේ නැත ලේ නහර..
උණු වුණා පිතු ස්නේහේ ලේ නහර..
දුන් හුස්ම පොද අපමණ යි..
පුතෙකි..සොයුරෙකි..
වරෙක සැමියෙකි..
දුන්නු ස්නේහය අපමණ යි...
පියෙකි..අද ඔබ දියණියක් ලැබ..
ලොවක් පූජිත සසර බැඳි මඟ..
ලැබූ පදවිය අපමණ යි..
ලැබූ ශ්‍රී සුබ උපන්දිනයක්..
රැගෙන ආසිරි හද බැතින්..
පතන්නෙමි නිදුකින් නිරෝගි ව..
දිනේවා..!මතු මතු යලිත්..**
**සදූ**
Sisira Kumara 6 years ago ලස්සනයි