නදී ..✍???? 5 years ago 312 5 6

Nisadas Image

ලොල් වී මදුවිතට යහමින්
දිවිගෙවනා.....
හිරි ඔතප් බිද පාගා
පය පිස්නා......
රගන රැගුම් වේ කාටත්
විහිලු ගෙනා......
රූකඩයක්ය ඔහු ලෝකෙට
සිනහතනා.....

වපර ඇසින් දැක ලෝකෙට
මැසිවිල්ල නගා....
හම්බකරපු සතයක් නෑ
ගේ අහලක රදනා .....
නින්දක් නැතිව නඩු හබ
ඇත කරපින්නා.....
අඹු දරුවන් ලබයි ඔහු
වෙනුවෙන් නව නින්දා....

පිං කරගන්න ලැබුනත්
පිංවත් මනුසත් දිවිය....
පිං කර ගන්න පිනනෑ පව
පෙරට එන.....
අඹු දරුවන්ගෙ හදවතෙ
ඇවිලෙන ගින්න......
තරමට දවයි ඔහු දවසක
සසර බිය.....


නදී..✍️

Comments (6)

Naween Perera 5 years ago ලස්සනයි නදී

නදී ..✍???? 5 years ago ස්තුතියි නවීන් අයියා ❤️

Dila ???? 5 years ago ?

නදී ..✍???? 5 years ago ඩිලා❤

Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි නදී... අර්ථවත්...

නදී ..✍???? 5 years ago ස්තුතියි දීෂා❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps