තූර්යා ඉඳුවරී 5 years ago 579 4 4

Nisadas Image

පැතුම

සිහිනයෙන් ඔබ එන්න
එපා තව දුර යන්න...
ජීවිතේ හැමදාම
ඔය ලෙසින් ළඟ ඉන්න...

දෙකොපුල් සිපගන්න
සුමුදු හාදුව වන්න...
නෙතින් ඉවතට ගියත්
හදෙහි රඳවා ගන්න...

නෙත්කොනේ කඳුළක්
කිසිදා නොමවන්න...
හැමදාම මගෙ මුවේ
සුමුදු හසරැලි වන්න...

හසරක් නොදුටු බිම
දියබිඳ ඔබ වන්න...
මා නොදුටු මගේ ලොව
හැමදාම ඔබ ගන්න...

දෙපා පැටලී ඔහේ
වැටෙන විට ජීවිතේ...
අත්වැල වී මගේ
හැමදාම ළඟ ඉන්න...

?? තරූ සමනළී ??

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි ?❤️

තූර්යා ඉඳුවරී 5 years ago Thanks menika..??????

Lakshika Madushani 3 years ago Harima lassani

Lakshika Madushani 3 years ago laga ena Kanta dine wenuwen lassana nisadasak dennako plis





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps