*$@n¢hi* 4 years ago 314 1 2
මටම මා අහිමි වී මෙන් දැනේ
කාලයත් වේගයෙන් හොරෙන් ගෙවේ
මහම මහ මූසල දවස් හැගේ
මටම මා අමතක වූ බවක් සිතේ...
ජීවිතේ හරි අභියෝගයක් මෙන් පෙනේ
මොන පව්කාරකම්ක් දැයි විටෙක හැගේ
හැගීම් වලින් විටෙක මා හද තැවේ
සෝ සුසුම් ළග සිරවූ මා මෙසේ
මටම විතරද හැගෙන්නේ මූසල බවක්
නැවත අසන පැනයට නෑ පිළිතුරක්
ලොවක් අස්තාවරව ඇදී ගියත්
'ඉවසන්න' ලැබෙයිලු නිවහනක්
හැමදාම මෙන් සුපුරුදු බණ හඩක්
ඇසෙයි කදු කෙළවරෙහි දැමූ පිරිතත්
ලොවක් අවදියේ ද අද මං වගේ
සොබාදහමත් කියා දෙන පාඩමක් දෝ මේ අනේ....???
~sahini~
shashi 4 years ago ඉවසන්න..???? ලස්සනයි ❤️
*$@n¢hi* 4 years ago thnx shashi❤️