*$@n¢hi* 4 years ago 322 0 0
හිමිදිරිය පුංචි කුරැල්ලන්ගේ කිචි-බිචි නාදයෙන් හැඩ වෙද්දි,ඝෝෂාව පිරුණු හෝරාව උරුම වුණේම දහවලට.ඒක නිසාම තමයි රාත්‍රීය එතරම්ම නිහඩ වුණේ.
ඉදින්,මේ සොබා ධර්මතාවයම ඇති නේද ජීවිතය දෙස යතාර්තවාදීව බලන්නම.නොවෙනස්වන ධර්මතාවයක් නැත.විනාඩි-පැය-තත්පර-සති-මාස-අවුරුදු ගෙවෙන්නේම ඔය විදිහට.ඒ නිසාමතයි හිමිදිරි උදෑසන ළා හිරැ රශ්මියෙන් නැහැවෙද්දී දහවල ඒ හිරැ එළියම චණ්ඩ වුණේ. ඒත් බටහිර අහසම අදත් ගොම්මන හැන්දෑවක් කරා. අපේ ජිවිතේ අපිට මුණගැහෙන මිනිසුත් එහෙමයි. විටෙක ළා හිරු මඩලක් වගේ. සමහර තැනක චණ්ඩය. ඒත් විටෙක ගොම්මනට නෙක වර්ණ මුසු කරන සොදුරු සැදෑවක් වගේ...
~sahini~