Sandu U Nanayakkara 7 years ago 264 3 3
සිහිනයකි ඔබ මට මේ දිවි මඟ සැරසූ..
පහනකි ඔබ මට මගෙ ලොව එකළු කෙරූ..
සවියකි ඔබ මට නිබඳ ව මසිත් දිරිමත් කෙරූ..
කවියකි ඔබ මන බැන්දූ සිත් රුසිරෙන් නැහැවූ..
සිනහව ඔබයි මා නිති පිනවූ මා සබඳ ඔබයි..
අත්වැල ඔබයි මා ලොව ලැබු සවිය ඔබයි..
කිත්යස ඔබයි මා ලොව දිනු කිරුළ ඔබයි..
පෙම්බර ඔබයි මා හද බැඳි බැම්ම ඔබයි..
පතන පතන පැතුම හැම කල් ඉටුවේවා..!
සිතන සිතන දේ නිති ඔබහට ලං වේවා..!
සසර කම් සිඳී සියොලග බැබලේවා....!
මගේ හිමියන්ට මතු මතු දින ජය වේවා..!
**සඳූ**
මවුල ඌශියන් අධිකාරම් 7 years ago අපේ සිහිනය අපේ ලොව සිතන දේ නොවේ සිදුවුන දෑ මත ලියු අනාගතයකි සොදුර
sagarika lasanthi 7 years ago Lassany
Sameera Gayathrie 7 years ago මගේ හිමියන්ට මතු මතු දින ජයවේවා ❤️❤️❤️