චතුරංගි හර්ශිකා 4 years ago 413 2 4

Nisadas Image

(අ)සම්මත පෙම

හැකියි නම් ඇබින්දක් හදේ දොරටුව ඇරන්...
ඇතුල්වී බලනු මැන කැපී සීරුනු තරම්
නිමල යැයි පිවිතුරුයි කියා ලෝකෙන් පිදුම්
නොලබනා අසම්මත අපේ ජීවිත ගෙතුම්...

දහස් නෙත් නෙත ගැටෙන වීදියේ දහවලක
දෑත් පටලා යන්න හැකි වුණේ කවදාද
නුඹ නමින් සත්මාල ගෙලතුරේ බන්දන්න
හීන දකිනා දෑස් නොහැඩුවේ කවදාද...

අසම්මත ප්‍රේමයක් කියා හංවඩු ගසන
හදවතේ සොඳුරු තැන් තවම හෙමිහිට සිඹින
සුන්දරම පෙමක් යැයි දහස් කවි වල රැඳුන
රාධා ට-ක්‍රිෂ්ණා ට කතා හැදුනද මෙහෙම...

කාත් කවුරුත් නේන පාලු සීත රෑක
මතක ගනදුරු වලා සිත තදින් වෙලන විට
ඇගේ තුරුලේ නිදන මගේ වුණු නුඹේ හිත
අහස් ගැබ සිසාරා ඉගිල ඒවිද මවෙත...

මුදුවකින් සදහටම මා නුඹේ කරගන්න
උරුම නැති බව දනිමි නුඹේ පතිනිය වෙන්න
ලෝකයට හොර රහසෙ හාදු අතුරා යන්න
හෙටත් අද වාගේම හවස ඇවිදින් යන්න...

-චතූ✍️

Comments (4)

නදී ..✍???? 4 years ago ගොඩක් ලස්සනයි ????❤️

Withanage DCS 4 years ago අපූරු කවි සිත්තමක්

????️ නවෝද්‍යා දිසානායක ????️ 4 years ago ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thnq all❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps