Withanage DCS 4 years ago 315 2 0
මැණිකේ මගේ හිතේ
මේ ආදරේ දැල්වෙනා
මා කියන්නද කෙසේ
මා සිත දුකින් වෙවුලනා
මනලෝලි ඔබ නෙතේ
නැහැ සුව විඳින වාසනා
මුදු පවන වී මෙසේ
එමි ඔබ ගතෙහි දැවටෙනා
මගෙ මෙ පෙම් පතේ
මුතු අකුරු වැල් වෙලා
සුදු මුදු ඔබ දෙනෙතේ
පහස විඳගනිමි ලං වෙලා
රුව ඔබෙ මුහුණු පොතේ
දැක එහි රැඳෙමි පැටලිලා
සොඳුරු සුකුමාල වතේ
නෙත පිනමි ඔන්ලයින් වෙලා
රුවනාරි නුඹ මෙගමේ
කෙල්ලකි හැඩකාර ගමනැ'ති
මනහාරි නුඹෙ බැල්මේ
දුටු ගමන් ම සිත බැඳ ගති
හැඩකාරි මගෙ ඇල්මේ
තරම කියලා නිම නැති
සුකුමාරි මෙ ඇම්මේ
කියන්නට මට දිරි නැති.........?
Photo: Thankful credit to it's original owners.