Withanage DCS 4 years ago 339 2 1
මැණිකේ මගේ හිතේ
මේ ආදරේ දැල්වෙනා
මා කියන්නද කෙසේ
මා සිත දුකින් වෙවුලනා
මනලෝලි ඔබ නෙතේ
නැහැ සුව විඳින වාසනා
මුදු පවන වී මෙසේ
එමි ඔබ ගතෙහි දැවටෙනා
මගෙ මෙ පෙම් පතේ
මුතු අකුරු වැල් වෙලා
සුදු මුදු ඔබ දෙනෙතේ
පහස විඳගනිමි ලං වෙලා
රුව ඔබෙ මුහුණු පොතේ
දැක එහි රැඳෙමි පැටලිලා
සොඳුරු සුකොමල වතේ
රස විඳ ඔන්ලයින් වෙලා
රුවනාරි නුඹ ගමේ
හැඩකාර ඉඟ සුඟක් ඇති
මනහාරි මෙ බැල්මේ
දුටු ගමන් ම සිත බැඳ ගති
හැඩකාරි මෙ ඇල්මේ
මෙතෙකයැයි කියා නිම නැති
සුකුමාරි මෙ ඇම්මේ
කියන්නට නිනව්වක් නැති.........?
Photo: Thankful credit to it's original owners.
චතුරංගි හර්ශිකා 4 years ago ????❤️