චතුරංගි හර්ශිකා 4 years ago 436 2 2
පරණ රොඩු බොඩු කවි කතන්දර
අකුරු අතරින් හැංගිලා
නිතර හඬනා දෑස් අද්දර
සිනාසී ඔච්චම් කරා...
හීන දහසක් එළිවෙනා රෑ
නින්ද අතරින් අද ඔයා
ඇවිත් දුක්බර හීනයක් වී
මගේ ඇස් පිය තෙත් කරා...
වංගු බඩවැටි අගල් පාළම්
නොදා කවියක අමුණලා
හරි කෙලින් මම දුටුව හීනය
ලියන්නම් කොලයක් පුරා...
මගේ නොවුණට මගේ යැයි මම
සිතා පෙම් කෙරු ඒ ඔයා
මටත් රහසින් වෙනත් ළඳකට
මගුල් මුදුවක් පැළඳුවා...
හීනයක් වුව ගනදුරේ මගෙ
ඇස් හැබෑවට තෙත් වුණා
අපෙන් වෙන්වූ අපේ මතකය
පිච්චි පිච්චී ඇවිලුණා...
මගේ නොවුණට හිතින් අල්ලා
මගේ කරගත් මගෙ ඔයා
වෙනත් දෑතක හීනෙකින් වත්
බැඳෙනු උහුලනු බැරි වෙලා...
-චතූ
නදී ..✍???? 4 years ago ලස්සනයි ????
Ranatunge Jayawardene 2 years ago හොඳ කලාත්මක නිර්මාණයක්! - ජය!