shashi 4 years ago 298 2 2
හද දිහා බලාගෙන කවි හුගක් මුමුනන්න
අමාවක මහ රෑක තරු පොකුරු ඇහිදින්න
මනමාල රෑ අහස ගගනතේ පාවෙන්න
කවදාද නුබ එන්නෙ අත් බැදන් දුර යන්න
සේපාලිකා සුවද වැලි පොලොවෙ ඇවිදින්න
ඉනි වැටට බර වෙලා නෙත් කැලුම් විහිදන්න
කදුලු පිරි දෙනයනට උරහිසේ සැතපෙන්න
කවදාද නුබ එන්නෙ මගෙ හීන සනසන්න
කවි ගීත පබැදුමට තනුව වී හිනැහෙන්න
සැබෑවෙන් නොදුටු නුබෙ මුව මඩල සිපගන්න
සිත පුරා ඉකි ගසන දුක් සුසුම් පිසලන්න
කවදාද නුබ එන්නෙ ආදරෙයි පවසන්න...
ශශී
නදී ..✍???? 4 years ago ගොඩක් ලස්සනයි ශශි අක්කා❤️❤️
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි අක්කේ ❤️