Sandu U Nanayakkara 7 years ago 278 2 2
කිවිඳියක් ඇත නෙක නෙක විදි කවි ලිව්ව....
අදහස් දහස් වර පටලා ගැටගැහුව..
එළිසම එළිවැට කදිමට ගලපා මැව්ව..
ඇය කදිමයි ලියුමට පද පෙළ සෙව්ව..
දේදුනු සේම රන් පද පෙළ රටා මවයි..
දිනකර සේම සිත් සොම්නස සතුට ගෙනෙයි..
වැසි බිඳු සේම සිත් මල් සිසිලසින් තෙමයි..
ඇය කිවිඳියයි..නන් දෙස කවි බසින් පුදයි..
ලියුමට පද වැල් -අමුණා රන් සේමා..
ඇගයුම, ඇරයුම, ගැලපුම සිත් සේමා..
මනහර වහර යොදමින් මන කල් පේමා..
ඇය හපනෙකි ලියුමට කවි බස් බෝමා..
**සඳූ **
What 7 years ago Hmmm. Pretty good
Sandu U Nanayakkara 7 years ago Thnq