Ahinsa Dulanjali 4 years ago 297 0 0
රගන්නියකි මා
සහෘද හද තුළ
ලැගුම් ගත්
රසවින්දනය පමණක්ම
ඔවුන්ට ලබා දුන්
ජනප්‍රිය තරුවකි
ජනයාගේ ප්‍රිය අහසේ රැදුනු
රාත්‍රිය වුවද දහවල වුවද
කම් නැත මට
උපයමි මා ජනයාගේ හද විල
නොසිතූ එක් නිමේෂයකි
කෙදිනකවත් නොසිතූ ලෙස
අහසින් වැටුණු තරුවක් මෙන්
මා කඩා වැටුණි අද
පොළොව තුළ වැටුනත්
තරු කැටය නරයන්ට
හසු නොවන්න කාම ලොව තුළ
දැවෙන
නොදනිමි මා
සමාජ ජාල තුළ
නොසන්සුන් පුවතට
මටත් අදහා ගන්නට
නොහැකී වු
එදා මට ආදරය කල රසිකයන් අද
කට කොනින් සීනාසෙමින් හිද
මා නිරුවත ගැන මට වඩා
හොදට කතාවෙනු ඇසුණි මට
මා නොවෙමි කියා කැගැසුවත්
මගේ නොවු නිරුවත මගේ කියා
කෑගසයී ....ඔබ
ගායිකාවක් පමණක් වු මට
ගණිකාවක් ලෙස අද
දුන්නා මගේ රසිකයෝ
සම්මාන පිට සම්මාන .......
අහිංසා .