සජී 4 years ago 428 2 3
බොඳ වෙච්ච පිටු අතර
ඉකි බිඳින සිත් හසර
ලඟ උන්න නුඹ මගෙම
සෙවණැල්ල වී ලඟම......
සඳ මඩලෙ තනි මැකුව
තරු රෑන මා අසල
නෑ හිටියේ හැමදාම
ලැබ දෙන්න හද සුවය.....
රැළි ගැසුව සත් සයුර
සරසන්න ලඟ හිටිය
සන්ධ්‍යාවේ හිරු එළිය
නෑ පෑවේ මා ගාව......
සිඹ පොළව සැනසෙන්න
දින ගෙවෙන හැම දිනය
මඟ නොහැර හැමදාම
තනි මැකුවේ නුඹ අහස.....
මා සිතට සැනසෙන්න
හද අරණේ තනිවෙන්න
දුක් කඳුලු පිසලන්න
නෑ ආවේ කවුරුත්ම.....
අත් නොහැර හැමදාම
සිත සමඟ දොඩවන්න
මගෙ සිතට මුසු වූව
නුඹ නේද මගෙ සවිය
°°තනිකම.....°°
- ✍️සජී✍️ -
රෂ් 4 years ago නියමයි
නදී ..✍???? 4 years ago ලස්සනයි
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි