Sandu U Nanayakkara 7 years ago 267 3 2

Nisadas Image

ඔහු ද එක් උපාසක ඇත්තෙක්?

සිල් රෙද්ද පොරවාගෙන..
පන්සල වෙත පියමැන..
උපාසක මහතෙකි මෙහි එන..
කියවයි බණ පොතපත..
ඊටත් නොදැවෙනි'යි ඔහුගෙ බණ..
කීම නම් උජාරුය..ඔහු තරම් දැනුමැත්තෙක් ද නැත..
ලැබෙන තුරු දානයක්..
නැත ඔහුට ඉවසුමක්...
ලද විගස විවේකයක්...
ගනියි කෝප්පයක්..කෑගසා ඉල්ලයි ගිලන්පසක්...
නැවතත් කියවයි බණ පොතක්..
මුණගැසුනොත් යමෙක්..
කියවයි පුරසාරමක්..
""මගේ දූට සාරයි..පුතා නම් මෙහෙමයි""
නමුත්.......
ඔහු ද එක් උපාසක ඇත්තෙක්..?

**සඳූ **

Comments (2)

✍️Nilushi Nisansala✍️ 7 years ago ?

Sandu U Nanayakkara 7 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps