shashi 4 years ago 363 1 1
දරා සිතුවිලි නිමා කරමින් ප්‍රේමයෙන් බැදි ඒ යුගේ
පුරා සරමින් රැයේ සිහිනෙක සිතින් අත් හල අප සෙනේ
සිතා අහිමිව දුර ගියත් නුබ සදා හිනැහී මතකයේ
නුරා අවපස සදත් ගොලුවුනි දරනු බැරි තැන පෙම ළයේ...
එදා සිත් බැදි මායාව කිම හදේ දොරටුව විවර වූ
කදුල ගෙනවිත් මගෙන් සැගවූ සිනා කොතැනද නතර වූ
ගෙනා සියපත ප්‍රේමයෙන් නුබ මිලින වී දස අත සෙවූ
නිදා වැටුනිද නුබේ ගීතය අසම්මත තනුවක ගැයූ...
ශෂී
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි අක්කේ ❤️