Withanage DCS 4 years ago 276 0 1
තවත් යශෝධරා පවතක් ..
යශෝදරවන් කෙනෙක් විය මම
සොඳුරු ඒ හරවත් නමින්
දරුවෙකුත් මගෙ කුසට දී හිමි
හැර ගියා ඉරණම වෙමින්
දැරිවියක් හිමි මවක් ලෙස
ඉමි තනි අතට දිවි බර ගමින්
පුංචි ගෙයි ඉඳ උදවු දෙයි තව
"හිමි අහිමි" මගෙ මවු තුමින්
හැර දමා ගිය ම හිමි ගැන හෝ
සිතලා නොවෙ මම මෙය කළේ
වේල හැර තව වේල පිරි මහ
ගත්තෙ මගෙ නැති බැරි වෙලේ
මතට පෙම් කළ සලෙල පෙම්වත
මගෙ සිහින සැම කුඩු කළේ
පතා නොසිටිමි ගව්වෙ ගව්වට
අව්වෙ රස් අඩු කිසි කලේ
සඳ කිඳුරි වී නතුව බඹදත්
රුදුරු රජ හී සර වැදී
නොලදි වරමක් අග බිසෝ කමෙ
මම් ම මගෙ කරුමය විඳී
මතට හුරුවුන මගේ
පියතුම මඳ වයස් විඳ දිවිය දී
මගෙ අම්මත් මා ලෙසින් අද
හිමියා නැති තනිකම විඳී
විෂම වු නව තරුණ ලොව
අද නපුරු මත් අඳුරෙහි වැදී
මගෙ මිනිහ වගෙ
කපට සලෙලූ පෙම්
වතුන් තව ලොව හිඳී
අධම මිනිසුන් ලබන්නට
මටනොවෙත්වා යළි බවයෙදී
දුකම හිමි තව යශෝධරයන්
නොවේවා බිහි දිනකදී
චතුරංගි හර්ශිකා 4 years ago හරිම සංවේදී නිර්මාණයක් ❤️